Header Ads Widget

Atlas Robot ගැන දැනගමු ( රොබෝ මිනිසා )


Hi friends මේ post එකෙන් අපි බලමු Atlas Robot කියල හදුන්වන මිනිසෙකු වැනි රොබෝ කෙනෙක් ගැන

තාක්ශනය කියන්නෙ තත්පරයෙන් තත්පරයට අලුත්වෙන දෙයක්.මේ දියුණුවෙන තාක්ශනයත් එක්ක බැදුනු ලෝකයක ඉන්න මිනිසා ගොඩක් කාලෙක ඉදන් හිතපු දෙයක් තමා අපි වගේ මිනිස්සුන්ව කෘතිමව නිර්මාණය කරන්න බැරිද කියන ප්‍රශ්නය.

මිනිසෙක් කෘතිමව නිර්මානය කිරීම කියන ප්‍රශ්නයට සාර්තකව මුහුණ දෙන සමාගමක් තමයි Boston Dynamics සමාගම කියන්නෙ. මේක රොබෝ නිශ්පාදන සමාගමක්…මේ සමාගම මුලින්ම අයිතිඋනේ ඇමරිකාවට.පස්සෙ ඒක google සමාගම මිලදී ගත්තා.කොහොම උනත් දැන් මේක අයිති වෙලා තියෙන්නේ Soft Bank කියන ජපන් කම්පැනියකට..



දැන් අපි Atlas ගැන කතා කරමු .ඇට්ලස් කිව්වාම හැමෝටම මතක්වෙන්නේ පෑනක්,පැන්සලක්,මකනයක්,කටරෙකක් වගේ දෙයක්.ඒත් මේ කියන ඇට්ලස් නම් එහෙම දෙයක්නෙ මෙයි.මෙයා මිනිසෙක් වගේ රොබෝ කෙනෙක්.අපි ඇට්ලස් මොනවගේ රොබෝකෙනෙක්ද කියල බලමුකෝ.

ඇට්ලස්ට තියනවා ජොයින්ට් 28ක්.ඒක හින්ද අනික් රොබෝලට කරන්න හිතන්නවත් බැරි වැඩ මෙයාට ගොඩක් පහසුවෙන් කරන්න පුලුවන්

ඒ වගේම ටිකක් අමුතු හැඩයක් තමා ඇට්ලස්ට තියෙන්නෙ.(හරියට ගෙම්බෙකුගෙ වගේ).මේ හැඩය නිසා කැරකෙන්න,පෙරලෙන්න,රෝල්වෙන්න වගේ එක එක වැඩ කරන්න මෙයාට හැකිවෙලා තියනවා.

මේ වගේ ලොකු රොබෝ කෙනෙක් හදද්දි බරගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ.මෙයා ලොකු උනාට බරනම් හරි අඩුයි.ඇට්ලස් කිලෝ 80ක් විතර තමයි වෙන්නෙ.මෙච්චර ලොකු රොබෝකෙනෙක් කිලෝ 80යි වෙන්නෙ කිව්වාම පුදුම හිතෙනව නේද.පුදුම වෙන්න ඕනෙ නෑ මෙයාගෙ සම්පූර්ණ ශරීරයම නිර්මාණය කරල තියෙන්නෙ 3D Printing තාක්ශනයෙන්.ඒක හින්ද තමයි මෙයාගෙ බර ගොඩක් අඩුවෙලා තියෙන්නෙ.

මෙයාට පැයට කිලෝමීටර 20ක වෙගේ වේගෙකින් දුවන්නත් පුලුවන්.

මේ රොබෝ සම්පූර්ණයෙන්ම ඇල්ගොරිදම් වලින්තමයි වැඩ කරන්නෙ.(මේ හේතුව නිසා අනෙක් රොබෝවන්ට වඩා වේගයෙන් කටයුතු කිරීමේ හැකියාවත් මෙයාට තියනවා).

ඇට්ලස්ගෙ උස මීටර 1.5 විතර වෙනවා.

ඒවගේම අපි මතක තියාගන්න ඕනෙ මේවගේ රොබෝලට මුලු මිනිස් ශිස්ටාචාරයම දියුනු කරන්න වගේම අපේ ලෝකයම එක මොහොතකින් විනාශ කරන්නත් පුලුවන් කියන එක.මං කියපු දේ පහළ තියන පින්තූර වලින්ම හිතාගන්න





ඕනම දේක හොද වගේම නරක පැත්තකුත් තියනවනෙ අපි අද post එකෙන් මේ රොබෝ ගෙ හොද පැත්ත විතරක් කතා කරමු.පහළ තියන video එකෙන් මේ රොබෝ මොන වගේද කියලා අදහසක් අරගන්න.