Header Ads Widget

Windows 11 නොමිලේ දාගමු

Hi Friends අද අපි බලමු අලුත්ම windows 11 ඔයාගෙ computer එකට ලේසියෙන්ම දාගන්නෙ කොහොමද කියලා

මුලින්ම කියන්න ඔනි මේක windows 11 original එක නෙමේ. ඒක නිසා ඔයා දැනට පාවිච්චිකරන computer එකට දාගන්න එක ගැනනම් ටිකක් හිතන්න වෙයි.

හරි මුලින්ම ඔයා පහළ තියන ලින්ක් එකට ගිහින් windows 11 ISO file එක download කරගන්න. මේක 4.5GB විතර වෙයි.

ඊටපස්සෙ පහළ තියන ලින්ක් එකෙන් Rufus කියන software එකත් download කරගන්න. 3mb විතර වෙයි.

ඔයා මුලින්ම Rufus කියන software එක open කරගන්න. මේක install කරන්න ඔනි නෑ.

දැන් ඔයාගාව තියන pen drive එකක් computer එකට connect කරන්න.( මේ pen එක 8GB හෝ ඊට වඩා වැඩි වෙන්න ඔනි )

ආපහු Rufus software එකට ගිහින් බලන්න ඔයාගෙ pen drive එක පෙන්නනවද කියල. නැත්තන් ඒක select කරල දෙන්න.

ඊට පස්සෙ යට තියන Select කියන button එක click කරලා ඔයා download කරගත්තු ISO file එක select කරගන්න

දැන් යට තියන partition scheme කියන එකේ තියන MBR කියන එක click කරන්න.

හරි ඔයා මෙතන තියන වෙන මොනාවත් වෙනස් කරන්නෙ නැතිව යට තියන START කියන button එක click කරන්න.

දැන් යටින් කොල පාට line එකක් යයි. එක complete වෙනකන් ඉන්න.

ඒක ඉවර උනාට ඔයාට තව file එකක් ඔන වෙනවා මේකත් 500kb වගෙ වෙයි. ඒකත් පහළින් download කරගන්න

ඊට පස්සෙ ඔයාගෙ pen drive එක ඇතුලට ගිහින් එකේ ඇති source කියලා folder එකක් එකේ ඇතුලට දාන්න.දැන් මෙතැනදී මේ file එක දැනටමත් source එකේ තියන නිසා replace කරන්න අහාවී. ඉතින් replace කරන්න කියන්න.

මේ dll file එක දාන්නෙ windows 11 install කරනකොට system requirements අවශ්‍ය ප්‍රමාණයට නැහැ කියන error එක නැති කරන්න.

හරි ඔක්කොම වැඩ ඉවරයි. දැන් ඔයාට windows 11 bootable pen එකක් තියනවා.

දැන් ඔයාට පුලුවන් computer එක restart කරලා boot menu එකෙන් ඔයාගෙ pen drive එක select කරලා windows 11 දාගන්න.

එහෙම නැත්තන් ඔයාගෙ pen drive එක ඇතුලෙ තියන setup.exe කියන file එක උඩ click කරලා දැන් තියන windows 10 - windows 11 වලට upgrade කරගන්නත් පුලුවන් ( මෙතනිදි ඔයාගෙ files & apps එ විදියටම තියනවා )

මම හිතනවා ඔයාලට හොදට තේරෙන්නැති කියල මොනාහරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දාන්න

All Links :-

  • Windows 11 ISO link 1 ( google එකේ search වෙන්නෙ.පළවෙනියට එක ලින්ක් එකෙන් යන්න )
links වල ප්‍රශ්න තියනවනම් comment එකක් දාන්න

Windows 11